info@isl.lk
(094) 377 395 390
About Us Services Products

විෂබිජහරණ කුටියේ ඔබ නොදුටු පැතිකඩ

උද්ගතවී ඇති COVID -19 වෛරස තත්වය තුල ජාතියක් ලෙස COVID-19 ව්යාප්තියට එරෙහිව කටයුතු කිරීමේදී බොහෝ පුද්ගලින් සහ ආයතන විවිධ ආරක්ෂක උපකරණ නිපදවමින් පවතියි. විෂබිජහරණ කුටිය එලෙස නිපදවා ඇති ජනප්රිය ආරක්ෂක පද්ධතියකි.
මෙම විෂබිජහරණ කුටියේ ප්රධාන ගැටලූව වන්නේ ඵලදායි ලෙස විෂබිජහරණයක් සිදුවනවා යන්නයි. සංවෘත කුටියක් තුල විෂබිජනාශක ප්රතික්රීයක ඉසීම මගින්මිනිස් සිරුර කාර්යක්ෂමව විෂබිජහරණයට ලක්කිරීම පිළිබද විද්යාත්මකව සනාථ කර නොමැත. පෘෂ්ඨයක් විෂබිජහරණය සදහා සම්මත ක්රමය වන්නේ තත්පර 20-30 කාලයක් ආදාළ පෘෂ්ඨය විෂබීජනාශක වලින් සම්පුර්ණයෙන් ආවරණය වන ලෙස තැබීම හෝ ගිල්වා තැබීමයි. මෙම විෂබිජහරණ කුටියේ මෙලෙස මිනිස් සිරුර සම්පුර්ණයෙන් ආවරණය වනවාද යන්න ගැටළු සහගතය. ඇල්කොහොල් (IPA /එතනෝල්) මගින් පිසදැමීම සම්පුර්ණයෙන් පෘෂ්ඨ ආවරණ වන යාන්ත්රණය මත ක්රියාකරයි. නිර්මාණය කරන ලද මෙම විෂබිජහරණ කුටිවල විෂබීජනාශක ද්රව බිදිති රැුදී පවතින සත්ය කාලය හා විෂබිජහරණයට ලක්කළ යුතු මුළු පෘෂ්ඨයම ආවරණය වනවාද යන කරුණු සම්මත මට්ටම් වල පවත්වාගෙන යන බවට පැහැදිලි අධ්යනයක් සිදුකර නොමැත. මෙම වෛරසය පැතිරීම ගැන සැලකීමේදී අත් හා මුහුණ ප්රදේශ ආරක්ෂා කරගත යුතු ඉතා වැදගත් ස්ථන ලෙස හදුනාගෙන ඇත. අත් විෂබීජනාශක දාව්යය මගින් සේදීමට ලක් කිරීම අතපසු කල මෙම කුටි හරහා යෑමෙන් වෛරසයෙන් තමන් ආරක්ෂා වී ඇති බවට වැරදි අදහසක් ඇතිවිය හැක.
තරුණ නව නිපැයුම්කරුවන්ගේ අදහස් හා නිර්මාණ අවතක්සේරුවට ලක් කිරීමට අපගේ කිසිදු උත්සාහයක් නොමැති බව සහතික කර පැවසීමට කැමැත්තෙමු. නමුත් මෙය මෙම නිර්මාණය පිළිබද ඉංජිනේරුමය, ක්ෂුද්රජීවවිද්යාත්මක හා සෞඛ්යමය තත්වය ගත්කල කල හැකි තාක්ෂණික විග්රහයයි.
මෙම පද්ධතිය ඇල්කොහොල් (IPA/එතනෝල්), සෝඩියම් හයිපෝක්ලොරයිඞ් ^NaOCl/HOCl&" ඕසෝකෘත ජලය, අත් සේදුම්කාරක වැනි දියර ඉසීම සදහා භාවිතා කරන අතර තත්පර 10 60 කාලයක් සදහා කුටිය තුල මගින් මීදුමක් නිර්මාණය වේ. පෘෂ්ඨයන්ට විෂබීජනාශක ඉසීම හා මහා පරිමාණයෙන් ගෘහස්ථ හා එළිමහන් ප්රදේශයන්ට විෂබීජනාශක ද්රව ඉසීම මගින් වෛරසය විනාශ කල හැකි බවට පැහැදිලි සාක්ෂි නොමැත, නමුත් මෙලෙස විෂබීජනාශක ඉසීම හා ඇතිවන මිදුම මගින් වෛරසය විශාල දුර ප්රමාණයන්ට පැතිර යාමට , සමේ ආසාදන තත්වයන් ඇති කිරීමටද, විෂබීජනාශක ආශ්වාස කිරීමෙන් ශ්වසන පද්ධතියට අහිතකර බලපෑම් , පරිසර දුෂණ තත්වයන් ඇති කිරීමටද හැකියාවක් පවතියි.
මෙලෙස ඉසීම සදහා භාවිතා කරන ඇල්කොහොල්/IPA විශාල වශයෙන් ආශ්වාස කිරීමෙන් ඔක්කාරය, වමනය, නාසයේ ශ්ලේෂමය පටලවල හා උගුරේ අපහසුතාවයන් ,හුස්ම ගැනීමේ අපහසුතා හා කැස්ස ඇතිවිය හැක. මිනිස් සිරුරට IPAසුළු ප්රමාණයක් හැසිරවිය හැකි අතර, ප්රමාණය අධික වූ විට අක්මාවට එය දරාගත නොහැකිව ශරීරයට IPAවිෂවීම සිදුවේ. මෙම IPAවලින් ආසන්න වශයෙන් 20%-50%අතර ප්රමාණයක් වකුගඩු මගින් පිටත් කළ හැකි අතර ඉතිරි ප්රමාණය ඇල්කොහොල් ඩයිහයිඩ්රජනේස් යන එන්සයිමය මගින් ඇසිටෝන් බවට හැරවේ. මෙම ඇසිටොන් වකුගඩු හෝ පෙනහළු මගින් ශරීරයෙන් පිටතට පෙරා හරිනු ලබයි. IPAවහා ගිනිගන්නා සුළු වන අතර එම වාෂ්ප වාතය සමග පිපිරෙනසලුු මිශ්රනයක් ඇතිකරයි. IPAතාපය, ගිනි පුපුරු,ගිනි දැල් හා වෙනස් ජවලන ප්රභවයන්ගෙන් ඈත්ව තැබිය යුතුය. එම නිසා IPAපරිහරනයේදී මිනිසුන් ඉතා ආරක්ෂාකාරී විය යුතුය. IPAහොද සන’’පාරක්ශකයක් ලෙස සැලකුවද වගකීම් විරහිත ලෙස භාවිතා කළහොත් ඇතිවන ප්රතිවිපාක ගැන මෙම සමාජය දන්නේ ඉතා අල්ප වශයෙනි. වගකීම් විරහිත ලෙස භාවිතා කළහොත් ඕසෝන් එසේමය.
මහරු තර්ක කරනුයේ, මෙම විෂබීජ නාශක කුටිවල මිනිසුන්ට හානි වන මට්ටමේ සාන්ද්රණයකින් රසායනික ද්රව්ය අඩංගු නොවන බවයි. කෙසේ වෙතත්, මෙම විෂබීජ නාශක රසායනික ද්රව්ය මිනිසුන්ට හිතකර මට්ටමක සාන්ද්රණයකින් භාවිතා කරන විට විෂබීජ නාශක අරමුණු සඳහා කිසිසේත් ඵලදායී නොවන අතර එනම් එය හානිකර බැක්ටීරියා සහ වෛරස් විනාශ නොකරනු ඇත.
මේ සමඟ තවත් තර්කයක් තිබේ. එනම් සම්පූර්ණ විෂබීජ නාශනය නොමැති නම් අවම වශයෙන් අර්ධ වශයෙන් විෂබීජ නාශනය කිරීම වටී. නමුත්, මෙම තර්කය පැමිණෙන්නේ ක්ෂුද්ර ජීවීන්ගේ පරිවෘත්තීය ක්රියාව සිදුවන ආකාරය පිළිබඳ අවබෝධයක් නොමැති පුද්ගලයින්ගෙනි. ක්ෂුද්ර ජීවීන් මාරාන්තික නොවන මාත්රාවන්ට නිරාවරණය වන සෑම විටම එය විෂබීජ නාශක, ප්රතිජීවක යනාදියට එරෙහිව ප්රතිරෝධය වර්ධන කරනු ඇති අතර මාරාන්තික මාත්රාවෙන් පවා විනශ කිරීම දුෂ්කර කරයි. අප සැවොම දන්නා පරිදි මෙම SARSCOV2 වෛරසය වේගයෙන් විකෘති වන අතර, එය මාරාන්තික නොවන විෂබීජ නාශක මාත්රාවන්ට නිරාවරණය කිරීමෙන් එය විකෘති අනුපාත වැඩි කරන අතර වෛරසයේ නව ක්රියා වලට මග පාදයි.
ඕසෝන් විෂබීජ නාශක කුටි නැවතත් ඉදිරියට එන අතර නියමිත ඕසෝන් සාන්ද්රණය OSHAS මාර්ගෝපදේශ තුළ ඇති අතර එම අගය මානව හිතකාමී වේ. නමුත් මෙහි අහිතකර බලපෑම් දෙකක් ඇත. පලමුවන්න මාරාන්තික නොවන මාත්රාව නව විකෘති හා ප්රතිරෝධී ක්රියා වලට මග පෑදීමයි. දෙවෙන්න මිනිසාගේ ශ්වසන පද්ධතිය දුර්වල කිරීමයි, එනම් අඩු සාන්ද්රණයක ඇති ඕසෝන් මිනිසුන්ගේ ශ්වසන පද්ධතියේ එපිටිලියල් සෛල වලට සුළු වශයෙන් හානි කළ හැකිය.COVID19 සමඟ සටන් කිරීම සඳහා, මිනිසෙකුගේ අත්යවශ්යම කොටස ශක්තිමත් ශ්වසන පද්ධතියකි..
මෙම කුටියේ සෝඩියම් හයිපෝක්ලෝරයිට් භාවිතා කරන විට එහි විෂවීමේ හැකියාව ඔක්සිකාරක හැකියාව හා ද්රාවණයේ pH අගය මත රදා පවතීයි. සම හා ශ්ලේෂමය පටල හා සම්බණ්ධ වී ඇතිවන විඛාදන ක්රියාකාරිත්වය මගින් විෂවීම සිදුවේ. කුඩා ප්රමාණයක් අමාශගත වූ විට සැලකිය යුතු විෂ වීමක් නොපෙන්වන අතර විශාල ප්රමාණයක් අමාශගත වුහොත් ආමාශයේ තුවාල, පරිවෘත්තිය ආම්ලිකතාව, Hypernatremia හා Hyperchloremia වැනි තත්ව ඇතිවිය හැක. දීර්ඝ කාලයක් සම නිරාවරණයට ලක්වුහොත් සමේ ආසාදන හා සමේ හානිවීම් සිදුවිය හැකි අතර, ක්ෂණිකවම හෝ පසු කාලීනව සමේ ප්රතිකියා ඇති විය හැක .අධි සාන්දා දාාවණ මගින් සමේ රසායනික පිලිසුම් ඇති වේ. සෝඩියම් හයිපෝක්ලෝරයිට් ආශ්වාස කළහොත් ඇතිවන තත්වයන් පිළිබද තොරතුරු සීමිත වන අතර හයිපොක්ලොරයිට් පමණක් ආශ්වාස කලවිට වායු ගමන් කරන ඉහළ පෙදෙසේ අපහසුතාවයන් ඇති කල හැක .සෝඩියම් හයිපොක්ලෝරයිට් ඇසෙහි තැවරුණහොත් විෂවීම හා පිළිස්සීම් ඇති වේ. ඇසෙහි ඇති ස්වභාවික තෙතමනය විරංජකය සමග එකතු වී අම්ලයක් සාදනු ලබයි.
2020 අප්රියෙල් 17 දින පාරිසරික සෞඛ්ය, වෘත්තීය සෞඛ්ය සහ ආහාර සුරක්ෂිතතාව පිළිබද අධ්යක්ෂක මණ්ඩලය විසින් ප්රකාශිත සේවා ස්ථානයන්හි නව කොරෝනා වෛරසය පැතිරීම වළක්වා ගැනීම හා සුදානම සදහා වන මාර්ගෝපදේශයෙහි 8 වන පිටුවෙහි දැක්වෙන පරිදි විෂබීජහරණ කුටි නිර්දේශ නොකෙරෙයි. එලෙස විෂබීජහරණ කුටි විෂබීජහරණය සදහා නිර්දේශ නොකලද පොදු ස්ථාන, කර්මාන්තශාලා, සුපිරිවෙලදසැල් ජාල හා පොදු ප්රවාහන පද්ධති ආශ්රිතව පුද්ගලයින් විෂබීජහරණය කිරීම සදහා ස්ථාපනය කෙරෙමින් පවතියි.

එම නිසා මෙම පද්ධතිය භාවිතයේ අසාර්ථකත්වය හා රසායනික ද්රව්යය මගින් සිදුවන හානිකර අතුරුඵල සලකා බලා මෙම විෂබීජහරණ කුටි පද්ධති පොදු ස්ථාන, කර්මාන්තශාලා, සුපිරිවෙලදසැල් ජාල හා පොදු ප්රවාහන පද්ධති ආශ්රිතව ස්ථාපනය වහාම අත්හිටුවන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. ලිපිය සදහා දායකත්වය ලැබුණු පහත විද්වතුන්ටද ස්තුතීවන්ත වෙමු